Sugathiyata Maga | සුගතියට මඟ(For low-end Devices)

Sugathiyata Maga | සුගතියට මඟ(For low-end Devices)

Chamela Aluthgedara
2021年08月23日
  • Everyone

  • 5.0 and up

    Android OS

關於Sugathiyata Maga | සුගතියට මඟ(For low-end Devices)

මෙමඅනුවාදයකාර්යක්ෂමතාවඅඩු(ඇන්ඩ්රොයිඩ්5.0පාදකවනවැනි)දුරකථනසදහායි。

නමෝ බුද්ධාය!

'සුගතියට මඟ' යෙදුම දෛනික ජිවිතයේ කාර්‍යබහුල පින්වත් ඔබ සදහා මහගු පිටුවහලක් වීම සදහාත්, නිර්මල ධර්මය පිපාසාවෙන් සිටින, මේ ජිවිතයේ දී ම උතුම් චතුරාර්‍යසත්‍ය දැකීමට උතුම් චතුරාර්‍යසත්‍යාබෝධය පිණිස අයෝමය වීර්‍යකින් සිටින කුසලයට ප්‍රිය සියලු දෙනාගේම ධර්මාබෝධය පිණිසත්, උතුම් ධර්ම දානමය කුසලය පිණිසත් නිර්මාණය කරන ලදී.

*මෙම යෙදුමේ විශේෂතා*

පින්වත් ස්වාමීන්වහන්සේලා විසින් සිදු කරනු ලැබූ සුන්දර ධර්ම දේශනා එකතුවක් ද සහිතය.

- අති පූජනීය ගංගොඩවිල සෝම ස්වාමින්වහන්සේ.

- අති පූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ.

- අති පූජනීය රාජගිරියේ අරියඥාණ ස්වාමින්වහන්සේ.

- අති පූජනීය ගලිගමුවෙ ඤාණදීප ස්වාමින්වහන්සේ.

- අති පූජනීය කෝරලයාගම සරණතිස්ස ස්වාමින්වහන්සේ.

- අති පූජනීය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ.

- අති පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමින්වහන්සේ.

- අති පූජනීය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමින්වහන්සේ.

- අති පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ.

- අති පූජනීය මාවරලේ භද්දිය ස්වාමින්වහන්සේ.

තවත් විශේෂාංග,

- පිං පොත (ඔබ කරන සියලුම පිංකම් මෙහි සටහන් කර නිතරම කියවන්න).

- රුවන් වැකි එකතුවක්.

- පින්බර දසුන් (ඔබත් දැක බලා පහන් සිතින් අනුමෝදම් වන්න).

- දුර්ලභ ලිපි එකතුවක් (ස්වයංක්‍රීයව කියවා ගැනීමේ පහසුව).

- පිරිත් සූත්‍රයන්.

- සදහම් ලේඛන:

* මහරහතුන් වැඩිමඟ ඔස්සේ - අතහැරීම ලිපි පෙළ.

* සූත්‍ර පිටකය.

* ධම්මපද කතා.

* පන්සිය පනස් ජාතක කතා.

* අති උත්තම පරම පූජණීය නා උයනේ අරියධම්ම මහනායක හිමි රචිත ග්‍රන්ථ.

* අති උත්තම පරම පූජණීය රේරුකාණේ චන්දවිමල මහනායක හිමි රචිත ග්‍රන්ථ.

- ඉතා දුර්ලභ දහම් කරුණු පැහැදිලි කිරීම්.

- සිරස FM 'පන්සිල් මළුව', 'විදර්ශනා රාත්‍රිය' මෙතෙක් විකාශය වූ සියළුම කොටස් (මහරහතුන් වැඩිමඟ ඔස්සේ - Maha Rahathun Wadimaga Osse)

ලිපි කියවීමට අපහසු ඔබට, එය ස්වයංක්‍රීයව කියවා ගැනීමේ පහසුකම ලබා දී ඇත. එමෙන්ම පින්වත් ඔබ සැමට සියලුම දානයන් අතරින් අග්‍රම දානය වන, උතුම් ධර්ම දානමය කුසල් රැස් කරගැනීම පිණිස මෙහි ඇති සියලුම ලිපි, රුවන් වැකි තවත් බොහො දෑ බෙදා හැරීමේ (share) පහසුකමද ඇතුළත්ය. පිරිත් සූත්‍රයන්ගේ පාලි හා සිංහල තේරුම ද සහිතව මෙහි ඇතුලත් කර ඇත.

ඉතා සුන්දර, ඉතා දුර්ලභ දහම් කරුණු, සද්ධර්ම දේශනා, පිරිත් සූත්‍රයන් හා ලිපි එක් රැස්කර, මෙම 'සුගතියට මඟ' යෙදුම සකස් කර බෙදාහැරීමෙන් රැස්වන කුසල් බෙලෙන්, මේ රටත්, මේ උත්තම සම්මා සම්බුද්ධ ශාසනයත් රැක ගැනීම පිණිස අප්‍රමාණ මෙහෙවරක් කල ඒ උත්තම බුද්ධ පුත්‍රයාණන් වහන්සේ වන අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ගෞරවනීය ස්වාමින්වහන්සේටත් අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේත් අනුමෝදම් වෙත්වා !!! ඉක්මන් භවයක දී පින්වත් හිමියන් උතුම් චතුරාර්‍ය සත්‍යාබෝධයම වේවා !!! ඒ වගේම අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන, අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාණ ගෞරවණීය පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ, අතිපූජ්‍ය ගලිගමුවේ ඥාණදීප පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය කෝරලයාගම සරණතිස්ස පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය මාවරලේ භද්දිය පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය කිරුළපන ධම්මවිජය පින්වත් ස්වාමින්වහන්සේ ඇතුළුව මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා ජීවිත පරිත්‍යාගයෙන්ම කටයුතු කරන සියලූම ගෞරවණීය මහා සංඝරත්නයටයත් නිදුක් නිරෝගී සුවයවපත්භාවය දීර්ඝායුශ පිණිසම හේතු වේවා !!!

ඒ වගේම මේ රැස් වෙන්නා වූ සෑම ධර්ම දානමය පිනක්ම මහේශාක්‍ය, අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍යරාජ සමූහයා ද, මේ ගම්බිම් සුරකින දෙවියෝ ද, මේ සම්මා සම්බුද්ධ සාසනය, මේ රට ආරක්ෂා කරන සුපින්වත් සක්‍ර දිව්‍ය රාජයානන් වහන්සේ ඇතුළුව, වෛශ්‍රවන, ධෘතරාෂ්ට්‍ර, විරූපක්ෂ, විරූඬ යන සුපින්වත් සතරවරම් දිව්‍ය රාජයානන් වහන්සේලා ඇතුළු දිව්‍යරාජ සමූහයා ද මේ පින් දකිත්වා !!! සතුටු වෙත්වා !!! අනුමෝදම් වෙත්වා !!! ... දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවණින් සැනසෙත්වා ... !!!

මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්, සියලුම සම්‍යදෘෂ්ටික බලවේගයන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා !!!

එමෙන්ම, මටත්, මාගෙ දෙමාපියන්ටත්, පිංවත් ඔබ සැමටත් මේ ජීවිතයේදීම උතුම් චතුරර්‍යසත්‍ය දැකීමට, උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම මේ පින් හේතු වේවා !!! උත්තම පාරමී ධර්මයක්ම වේවා ... !!!

තෙරුවන් සරණයි... !!! සුවපත් වේවා ... !!!

更多

最新版本1.1.5的更新日誌

Last updated on 2021年08月23日
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
更多

視頻和屏幕截圖

  • Sugathiyata Maga | සුගතියට මඟ(For low-end Devices) 海報
  • Sugathiyata Maga | සුගතියට මඟ(For low-end Devices) 截圖 1
  • Sugathiyata Maga | සුගතියට මඟ(For low-end Devices) 截圖 2
  • Sugathiyata Maga | සුගතියට මඟ(For low-end Devices) 截圖 3
  • Sugathiyata Maga | සුගතියට මඟ(For low-end Devices) 截圖 4
  • Sugathiyata Maga | සුගතියට මඟ(For low-end Devices) 截圖 5
  • Sugathiyata Maga | සුගතියට මඟ(For low-end Devices) 截圖 6
  • Sugathiyata Maga | සුගතියට මඟ(For low-end Devices) 截圖 7

Sugathiyata Maga | සුගතියට මඟ(For low-end Devices) APK信息

最新版本
1.1.5
Android OS
5.0 and up+
Available on
內容分級
Everyone
在APKPure安全快速地下載APK
APKPure 使用簽章驗證功能,確保為您提供無病毒的 Sugathiyata Maga | සුගතියට මඟ(For low-end Devices) APK 下載。
APKPure 圖標

在APKPure極速安全下載應用程式

一鍵安裝安卓XAPK/APK文件!

下載 APKPure
thank icon
We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
Learn More about Policies