About DEC
Dedicated Economic Center Dambulla. Daily vegetable price list
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ දිනපතා එළවළු මිළ දර්ශකය පරීක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලාංකේය ජනතාවගේ පහසුව වෙනුවෙන් නිර්මාණය කරන ලද මෙම මෘදුකාංගය ජනයා අතර ජනප්‍රිය වනු ඇති බවට බලාපොරොත්තු වන අප ආයතනය මෙහි දැක්වෙන දිනපතා මිළ ගණන් ආර්ථික මධ්‍යස්ථානය මගින් නිකුත් කරන සත්‍ය තොරතුරු පමණක්ම ඔබ වෙත ගෙන ඒමට වගකීම භාරගනිමු.
මෙම මෘදුකාංය පිළිබඳව දීර්ඝකාලීන සංකල්පයක් තිබූ අතර ඒ වෙනුවෙන් මහන්සි වී නිවැරදි ආකාරයට මෙය නිර්මාණය කර ගැනීමට හැකි විය. මෙම මෘදුකාංගය මගින් පහසුව සැලසෙන පිරිස් අතර ගොවි මහතුන්, වෙළඳ මහතුන් මෙන්ම ගෘහණියන් සහ ගෘහමූලිකයන් ද වේ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය මගින් ශ්‍රී ලංකාවේ සියලුම පළාත්වලට නැවුම් එළවළු බෙදා හරින බැවින් මෙහි මිළ ගණන් දැන ගැනීම ඉතාම අත්‍යාවශ්‍ය කාරණාවකි. එමගින් සියලුම අයවලුන් හට දිනපතා එළවළු මිළ දැනගැනීමට හැකි වේ.
මෙහි ප්‍රධාන ටැබ් එක තුළ වර්තමාන දින මිළ දර්ශකය දිස්වන අතර අවශ්‍ය එළවළු සර්ච් කර බලා ගැනීමේ පහසුකම ද සලසා ඇත. එමෙන්ම වර්තමාන දින සිට දින 7ක් ආපසු පසට එළවළ මිළ බලා ගැනීමට හැකියාව ඇත. ඉතා පැරණි මිළ ගණන් සඳහන් නොකරනුයේ පැරණි එළවළු මිළ ගණන් අත්‍යාවශ්‍ය නොවන බැවිනි. එමෙන්ම ආර්ථික මධ්‍යස්ථානය තුළ ඇති සියලුම එළවළු වෙළඳසැල් වල දුරකථන අංක මෙන්ම නාමයන් ද බලා ගැනීමට හැකියාව ඇත. එමගින් අවශ්‍ය වෙළඳසැල සම්බන්ධ කර ගැනීමේ පහසුකම සැලසෙනු ඇත. එසේම මෙහි උණුසුම් පුවත් තීරයක් ඇතුලත් කර ඇති අතර එමගින් ඔබට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සිදුවන විශේෂිත සිදුවීම් දැන ගැනීමට හැකියාව ඇත.
මෙම මෘදුකාංගය ඔබගේ දුරකථනයට ඩවුන්ලෝඩ් කරගෙන අපගේ මහන්සියට වටිනාකමක් ලබා දෙන ලෙස අවසන් ලෙසට කාරුණිකව සඳහන් කරනු කැමැත්තෙමු.
What's new in the latest 0.0.2
DEC APK Information

Super Fast and Safe Downloading via APKPure App
One-click to install XAPK/APK files on Android!