Maha Rahathun Wadi Maga Osse

  • 38.6 MB

    حجم الملف

  • Android 5.0+

    Android OS

عن Maha Rahathun Wadi Maga Osse

ජිවිතයේ දී ම උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝධය පිණිස.

"ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවි. සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක් ඔබට අවශ්‍ය නොවේ. මන්ද ، ඔබ සියල්ල අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති.

ලෝකයේ ධර්මය කියලා දෙයක් තියෙනවනම් අවබෝධ කර ගන්න තියෙන්නේ එකම එක දෙයයි. අනිත්‍ය කියන දෙය විතරයි. ඒ නිසා ශාස්ත්‍රී ලෝක ධාතු තිබ්බත් ، බ්‍රහ්ම ලෝක තිබ්බත් ، දිව්‍ය ලෝක තිබ්බත් ، මනුස්ස ලෝකේ තිබ්බත් ، ප්‍රේත ලෝකේ තිබ්බත් ، තිරිසන් ලෝකේ තිබ්බත් අම්මා ، තාත්තා ، නංගි ، මල්ලි ، පුතා ، දුව හිටියත් ، ඔය සියල්ල තිබ්බත් ඔය සියල්ලේ එකම ස්වභාවය අනිත්‍ය කියන ස්වභාවය විතරයි . එහෙනම් අනිත්‍ය කියන්නේ ධර්මයමයි. "

සියලු සංස්කාරයන්ගේ තිබෙන්නා වූ අනිත්‍යතාවය පසක් කරමින් නිර්මල බුද්ධ ශාසනයද කෙමෙන් කෙමෙන් අවරට යමින් පවතියි. ධර්මයේ අර්ථයන් ‍දිනෙන් දින ගිලිහී යයි. අබුද්ධෝත්පද්දිත කාලයක් උදාවෙමින් පවතින බවට ඉඟි පලවෙයි. සම්‍යක්දෘෂ්ඨික ‍බෞද්ධයන් ගණන දිනෙන් දින අඩු වෙයි. මිත්‍යක්දෘෂ්ඨිකයන් ගණන දිනෙන් දින වැඩි වෙයි. මිනිසුන් මෙන්ම දෙවියන්ද දිනෙන් දින ශීලයෙන් පිරිහීම නිසා වැඩි වැඩියෙන් අකුසල් .එදුසිල්වත් නිසා ඔවුන‍ගේ අකුසල් විපාක දිම‍ට සුදුසුවන පරිදි ලෝකය සකස් වෙමින්. ස්වභාවික විපත්، යුද්ධ ලෙඩ රෝග ආදිය දිනෙන් දින වැඩි වෙයි මනුෂ්‍යයාගේ පරමායුෂ දිනෙන් දින අඩුවෙයි. රජු දු‍‍ටු සිහින දහසය දිනෙන් දින සැබෑ වෙන බව දැනෙයි. කිසි කලෙකත් අද‍ට වඩා හෙට හොඳ නොවෙයි. අධිකභාවය නිසා තරඟකාරීත්වය නමැති මාර දැල‍ට කාර්යබහුල ලෝකයක් බිහිවී මිනිසුන් දුකෙන් දුක‍ටම යන්න‍ට පාර කපා ගනිති. මාරයා ، නිරයන් ، දිව්‍ය ලෝක ، ප්‍රේත ලෝක ، අසුර ලෝක හුදෙක් සංකල්ප බව සිතති. හැකිතාක් සරලව පැහැදිලිව මුනිඳු දෙසූ ධර්මය ، ඔවුන් තමන්‍ට අවැසි පරිදි විග්‍රහ කර ගනිති. මිත‍්‍යක්දෘෂ්ඨිකත්ව‍ය‍ට පත්වෙති.

ජීවිතය සාර්ථක වූවා යනු පාසල්ල විශ්ව ගොස් විභාග ඉහලින් සමත් වී සහිත රක්ෂා ත‍ට්‍ටු ගණන් නිවාස විවාහ වී දරුවන් ලබා ‍ඔවුන් උස් කර නොදැනීම වයස‍ට ‍යැම බව සිතති. ආත්මයන්හි ධර්ම දානයන්ගේ හීනබාවයන් නිසාදෝ දහම අසල වුවත් දහම නො දකිති. ඉතා කලාතුරකින් උදා වන බුද්‍‍ධෝත්පද්දිත කාලයක තමා ලබා ඇති බෞද්ධ මිනිසත් බව කණ කැස්බෑවෙක් සිදුරෙන් අහස බැලුවාක් දුෂ්කර දෙයක් දෙයක් ගනිති තවමත් බුද්ධ ශාසනය පරිහානිය‍ට පත්ව නැත. තවමත් ධර්මය සන්දිට්ඨිකය. තවමත් මෙලොව තුල රහතුන් බිහිවිය හැක. තවමත් ධර්ම මාර්ගය විවෘතය. දැන් ගෙවී යමින් පවතින්නේ ‍ගෞතම බුදු සසුනේ අවසන් හෝරා කිහිපයයි. එබැවින් අප අප්‍රමාදි විය යුතුය. හිස ගිනි ගත්තෙක් ගින්න නිවාගන්න‍ට වෙර දරන්නා‍ සේ මෙ ‍‍‍ඝෝර ක‍‍ටුක භව ගින්නන් මිදීම‍ට අප්‍රමාදි විය යුතුය.අප පුණ්‍යවන්තය. දැන් සිරිලක තුල අසිරිමත් සඟ මැණිකක් වැඩ සි‍ටිති. ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ හුදෙකලාවල නිදහස ප්‍රිය කරන බැවින් ඒ උතුම් සමාධියට ، විවේකයට බාධා නො වනු පිණිස වග බලා ගැනීමද ශ්‍රද්ධාවන්ත අපගේ යුතුකමකි. බොහෝ දෙනාට හිත සුව පිණිස වන්නා වූ උතුම් සද්ධර්මයට හිත සතර එතෙර සියල්ලෝ වීර්යය ‍සියලු සත්වයෝ මෙම ඝෝර කටුක බියජනක සංසාරයෙන් අත්මිදෙත්වා.

"අනමතග්ගෝ භික්ඛවේ සංසාරෝ පුබ්බකොට න පඤ්ඤෝයති අවිජ්ජා නනීවරනානං තන්හා සංයෝජනං සන්දාවතං සංසරතං මමඤ්චෙව තුම්හාකඤ්ච"

අවිද්‍යා නීවරණයෙන් වැහිලා තණ්හා සංයෝජනයෙන් බැඳිලා පින්වත් මහණෙනි ، නුඹලාත් මමත් බොහෝ කාලයක් මේ අති දීර්ඝ සංසාරයේ සැරිසැරුවා. මේ සංසාරය අති දීර්ඝයි. ඉමක් කොනක් පණවන්න බැහැ ...

සංසාර බිය දකිත්වා !!! වෙත්වා !!!

මෙම යෙදුම සකස් කර බෙදාහැරීමෙන් රැස්වන යම් ධර්ම දානමය කුසල් බෙලෙන් ، අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු ، ගුණවත් වු ، උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු ، ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන ، අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාන ගෞරවණීය ස්වාමීන් වහන්සේ ඇතුළුව මේ උතුම් සම්මා ශාසනයේ ආරක්ෂාව උදෙසා ජීවිත පරිත්‍යාගයෙන්ම කටයුතු සියලූම ගෞරවණීය මහා සංඝරත්නයටයත් නිදුක් නිරෝගී දීර්ඝායුශ පිණිසම හේතු වේවා !!!

ඒ වගේම මේ රැස් වෙන්නා වූ සෑම ධර්ම දානමය පිනක්ම මහේශාක්‍ය ، අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍යරාජ සමූහයා ද ، මේ ගම්බිම් සුරකින දෙවියෝ ද ، මේ සම්මා සම්බුද්ධ සාසනය ، මේ රට ආරක්ෂා කරන සුපින්වත් සක්‍ර දිව්‍ය රාජයානන් වහන්සේ ඇතුළුව ، වෛශ්‍රවන ، ධෘතරාෂ්ට්‍ර ، විරූපක්ෂ ، විරූඬ යන සුපින්වත් සතරවරම් රාජයානන් වහන්සේලා ඇතුළු දිව්‍යරාජ සමූහයා මේ පින් දකිත්වා ... !!! සතුටු වෙත්වා ... !!! අනුමෝදම් වෙත්වා ... !!! ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවණින් සැනසෙත්වා .. !!!

مها رهاتون وادي ماجا أوسي | මහරහතුන් වැඩිමඟ ඔස්සේ تطبيق جوال.

عرض المزيدعرض أقل

What's new in the latest 1.6.9

Last updated on 2024-11-06
- Minor bug fixes.

معلومات Maha Rahathun Wadi Maga Osse APK

احدث اصدار
1.6.9
الفئة
نمط حياة
Android OS
Android 5.0+
حجم الملف
38.6 MB
Available on
تنزيلات APK آمنة وسريعة على موقع APKPure
يستخدم APKPure التحقق من التوقيع لضمان تقديم تنزيلات خالية من الفيروسات لـ Maha Rahathun Wadi Maga Osse APK لك.

قم بتنزيل سريع وآمن بالغاية عبر تطبيق APKPure

قم بتثبيت ملفات XAPK/APK بنقرة واحدة على أندرويد!

تحميل APKPure
تقرير الأمان

Maha Rahathun Wadi Maga Osse

1.6.9

سيكون تقرير الأمان متاحًا قريبًا. في نفس الوقت، يرجى التأكد من أن هذا التطبيق قد اجتاز الفحوصات الأمنية الأولية لـ APKPure.

SHA256:

4764058ef131d3211d6cab955cf72fdad585fba7876bbb6fd846319edd45fdcb

SHA1:

17ffc1734d6f3963671fa5d7cbfb35bfe92415f1