تطبيق bawanawa وراديو bawanawa
අති දීර්ඝ සංසාරයක් පුරා ඔබත් ، මමත් පීඩාවට පත් වෙමින්… සුසුම් හෙළමින්… අඬා වැළපෙමින්… විටෙක නිරයේ ගිනි දැල් අතර කල්ප ගණන් දැවෙමින්… තැවෙමින්… මහා අඳෝනා නගමින් පැමිණියේ සිත කියන කියන දේ කළ නිසා ම ය. සිතේ කීකරු දාසයෙක් වූ නිසා ම ය. අදත් ප්‍රමාදයේ ගැලෙමින් සිතේ වහලෙකු ලෙස බොහෝ යටහත් ව සිත කියන කියන දෙය කරන්නට ගියහොත් දුකින් නම් නිදහස් විය නො හැක්කේ ම ය. ලෝකයේ සියලු ම සතුන් වසඟ වූ සිත ගැන ශාස්තෘන් වහන්සේ වදාළේ වහා සැලෙන ، චපල ، මොහොතකින් වෙනස් වන මායාකාරී දෙයක් ලෙසටයි. එලෙසින් ම දමනය නොකර ගත්තොත් මහත් විපත පිණිස පවතින එබඳු වෙන දෙයක් නැති බවයි. වහල් බවින් මුදවන්නට අවසර දෙන්න. උදව් දෙන්න. මම සංජන ශ්‍යාමාල්